Latest News

දියේ ගිලීමෙන් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

දඹගල්ල පොලිස් වසමේ, උඩුමුල්ල ප්‍රදේශයේ කහටපිටිය වැවේ දිය නෑමට ගිය පිරිමි ළමුන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දරුවන් දෙදෙනා මඩුල්ල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෘත ශරීරය මඩුල්ල ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ, 14 හැවිරිදි කොල්ලාදෙණිය, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

දඹගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.