Latest News

කුඩා බිළිඳියකගේ මළ සිරුරක් ඉරණවිල වෙරළට ගසා එයි

හලාවත – ඉරණවිල මුහුදු වෙරළට ගොඩ ගසා තිබු කුඩා බිළිඳියකගේ මළ සිරුරක් අද (21) පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.

ඉරණවිල ප්‍රදේශයේ මාදැල් වාඩියක සේවකයෙකු, බිළිදියගේ සිරුර දැක දැනුම් දී ඇති බවයි හලාවත පොලීසිය සඳහන් කළේ.

මෙම මළ සිරුර පසුගිය 18 වැනි දා මීගමුව – දුංගල්පිටිය ප්‍රදේශයෙන් මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන් වූ අවුරුදු දෙකහමාරක් වයසැති බිළිඳියකගේ සිරුර බවට හඳුනාගෙන ඇත.

දෙමාපියන් විසින් දැරියගේ සිරුර හදුනා ගෙන ඇති අතර මරණ පරික්ෂණ කටයුතු සදහා හලාවත රෝහලට සිරුර භාර දීමට නියමිතයි.

දුන්ගාල් පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂන රණසිංහ මහතා හා හලාවත පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ සිදු කරනවා.