Latest News

නොසිතු මොහොතක අවසන් ගමන් ගිය මල් කැකුළ

මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 11 හැවිරිදි දැරියක් චීත්ත රෙද්දක් ගෙල සිර වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව කොටවිල පොලීසිය පවසනවා.

සිය නැගණිය සමග විවිධ ඇදුම් ඇදගෙන නිවසේ සෙල්ලම් කරමින් සිටිය දී අදාළ දැරියට මෙම අනතුර සිදුව තිබෙනවා.

එසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත්ව ඇත්තේ මිරිස්ස හේන්වල පදිංචිව සිටි දංකොලුවලියනගේ චතුමී නිසල්කා නැමැති සිසුවියයි.

ඉකුත් වසරේ දී ශිෂ්‍යත්ව විභාගය සමත් වීම නිසා ඇය මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය වෙත සුදුසුකම් ලබා එහි 06 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියා.