Latest News

තණ කොළ කපන යන්ත්‍රයට අසුවී අවසන් ගමන් ගිය සිඟිත්තා

වයස අවුරුදු තුනහමාරක කුඩා දරුවෙකු ට්‍රැක්ටරයකට යටවිමෙන් එහි තණ කොළ කපන යන්ත්‍රයකට අසුවී මිය ගොස්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පල්ලම සේරුකැලේ පදිංචි ඒකනායක මුදියන්සේලාගේ ශ්‍රීමාන් හිමාෂ නමැති කුඩා දරුවෙක්.

මියගිය දරුවාගේ මාමා ට්‍රැක්ටරයකින් තණ කොළ කපමින් සිටිය දී එම ස්ථානයට පැමිණි මෙම දරුවා ට්‍රැක්ටරය මත වාඩි කරවා ට්‍රැක්යටරය ක්‍රියාත්මක කර තණ කොළ කපමින් සිට ඇත.

ට්‍රැක්ටරය මත වාඩි වී සිටි දරුවා ලිස්සා බිම වැටි ට්‍රැක්යරයට සවි කර තිබු තණ කොළ කපන මැෂිමට කැපි බරපතල තුවාල ලබා එම ස්ථානයේ දිම මිය ගොස් ඇති බවත පල්ලම පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරික්ෂණ පල්ලම පොලිසිය මගින් සිදු කරනවා.