Latest News

පාරුවක් පෙරලී 6ක් මරුට – ළමුන් පිරිසක් අතුරුදහන්

ත්‍රිකුණාමලය, කින්නියා, කුරුඤ්ඤංකර්නි ප්‍රදේශයේ කළපුවක පාරුවක් පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි ළමයින් ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ඒ අතර පාසල් ළමුන් සිව්දෙනෙකුද සිටින බවයි.

සිදුවු අනතුරෙන් පුද්ගලයින් 11 දෙනෙක් තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වනවිට කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.

මේ වනවිටත් ළමුන් පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා නාවික කිමිඳුම්කරුවන් හා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ කිමිඳුම්කරුවන් එම ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කර ඇති බව පොලීසිය සඳහන් කළා.

පාසල් ළමුන් හා ගුරුවරුන් පිරිසක් රැගෙන ගමන් කරමින් සිටිය දී අද (23) උදෑසන පාරුව පෙරළී ගොස් ඇත.

ඉන් ළමුන් 7 දෙනෙක් පමණ ගොඩට පිහිනා බේරී ඇති බවත් වාර්තා විය.