Latest News

ගිරාඳුර දී අඹුසැමි යුවළක් ඝාතනය කෙරෙයි

පල්ලේබැද්ද ගිරාඳුර ප්‍රදේශයේ ව්‍යාපාරික අඹුසැමි යුවළක් අද (12) උදෑසන අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, මග්ගෝනගේ දයානන්ද සහ රඹුක්කනගේ හේමලතා යන අඹුසැමි යුවළයි.

පොලිසිය සඳහන් කලේ, මොවුන් දෙදෙනා සතිපොළවල්වලට ගොස් වෙළෙඳම් කරන පුද්ගලයින් බවයි.

අදාළ අඹුසැමි යුවළ දරුවන් තිදෙනකුගේ මවක සහ පියකු වන අතර දයානන්ද නමැත්තා මහවැලි අධිකාරියේ සේවය කර විශ්‍රාමලත් පුද්ගලයෙක් වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගොඩකවෙළ පොලිසිය සිදුකරනවා.