Latest News

සතියක් රට වහන්න – අස්ගිරි හා මල්වතු මහානායක හිමිවරු ජනපතිගෙන් ඉල්ලයි

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සතියක කාලයක් රට වසා තැබීමට කටයුතු කරන ලෙස ඉල්ලා අස්ගිරි – මල්වතු මහානායක හිමිවරු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එසේම කොවිඩ් 19 වෛරසයේ දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට සමස්ත රටවාසීහු මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බවත් නව විකෘති වෛරස ප්‍රභේදයන්ගේ දරුණු බව හා සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එය පාලනය කිරීමේ අපහසුතාව සෞඛ්‍ය අංශවලින් පෙන්වා දී ඇතැයි ද එම ලිපියේ සඳහන්වනවා.

ඉදිරි මාස කිහිපය තුළ දී ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදය පිළිබඳව සෞඛ්‍ය සංවිධානය මඟින් ද අනතුරු අඟවා ඇති මොහොතක ජන ජීවිතය සුරක්ෂිත කරනු සඳහා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා නිර්දේශ සතියක පමණ කාලයක් හෝ රට වසා ජනතාවට අවශ්‍ය පහසුකම් සලසමින් රෝග ව්‍යාප්තිය පාලනය කරන්නැයි මල්වතු මහාවිහාරයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන හිමියන් සහ අස්ගිරි මහාවිහාරයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද හිමියන් ජනාධිපතිවරයා ට අවධාරණය කර තිබෙනවා.