Latest News

හිතුමතේට දරුවන්ට විටමින් C දෙන්න එපා

වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිදු බෙහෙතක් දරුවන්ට ලබාදීම නුසුදුසු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ “අද දෙරණ” BIG FOCUS වැඩසටහන සමග එක්වෙමින්.

මේ අතර දරුවන්හට විටමින් C ලබා දීම සම්බන්ධයෙන්ද අදහස් පළකළ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා සඳහන් කළේ, දෙමාපියන්ගේ හිතුමනාපය පරිදි දරුවන්ට විටමින් C ලබාදීම නුසුදුසු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා සඳහන් කළේ,

“සමාජ මාධ්‍යයෙන් දැකලා තියෙන, ඔබට හිතෙන එක එක බෙහෙත් වර්ග දරුවන්ට ලබාදෙන්න එපා. ඒක සමහර වෙලාවට දරුණු ආබාධ ඇතිකරන්න පුළුවන්. දෙමව්පියන්ට හිතෙන පරිදි දරුවන්ට විටමින් C දෙන්න එපා කියන එක තමයි අපි කියන්නේ. මොකද දරුවන්ට විටමින් C කොච්චර දෙන්න ඕනෙද කියලා කවුරුත් දන්නේ නෑ. උණ තියෙනවා නම් නියමිත මාත්‍රාවෙන් පැරසෙටමෝල් ලබාදෙන්න. ඊට වඩා දෙයක් තියෙනවා නම් රෝහලකට හෝ වෛද්‍යවරයෙකු හමුවෙලා වෛද්‍ය උපදෙස් අනුව පමණක් ලබාදිය හැකි ඖෂධ පමණක් ලබාදෙන්න.”