Latest News

කොවිඩ් කළු දිලිර රෝගයෙන් සිදු වූ පළමු මරණය ගාල්ලෙන්

කොවිඩ් 19 වෛරස රෝගයේ අතුරු ප්‍රතිඵලයක් හේතුවෙන් වැළඳෙන කළු දිලීර රෝගයෙන් මෙරට සිදු වූ පළමු මරණය වාර්තා වෙනවා.

මෙම මරණය වාර්තා වෙන්නේ ගාල්ල කරාපිටිය රෝහලෙන් වන අතර මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් නිව්මෝනියාව වැළඳීමෙන් මෙම පුද්ගලයා සැප්තැම්බර් මස 29 වන දින මිය ගොස් තිබෙනවා.

ඒ අනුව මියගිය පුද්ගලයාගෙන් ලබාගත් සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත සැප්තැම්බර් මස 29 වන දින යොමු කර ඇත.

ඔහුගේ මෘත ශරීරය සම්බන්ධව කළ පශ්චාත් මරණ පරීක්ෂන වාර්තාව ඊයේ (21) දින ලැබුන අතර එහිදී මියගිය පුද්ගලයාගේ පෙනහැල්ලේ කළු දිලීරය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.