Latest News

කොවිඩ් වසංගතය හේතුවෙන් කුඩා දරුවන් මුහුණ දෙන පෞර්ෂ වර්ධන ගැටලු

කොවිඩ් 19 වසංගතයේ අවදානම හේතුවෙන් පාසල් හා පෙරපාසල් වසා දැමීම නිසා කුඩා දරුවන් පෞර්ෂ වර්ධන ගැටලුවලට මුහුණ දෙන බව වෛද්‍යවරුන් පවසනවා.

මෙහිදී අදහස් දැක්වූ මනෝ වෛද්‍ය ඩබ්ලිව්.ඒ.එල්.වික්‍රමසිංහ සඳහන් කළේ,මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා හැකිතාක් දරුවන් ක්‍රියාකාරකම් සඳහා යොමු කර ගත යුතු බවයි.

දෙමව්පියන් දරුවන් සමඟ හැකිතාක් කාලය ගත කළ යුතු බවත් දෙමාපියන්ගේ රාජකාරි කටයුතු නිවසේ සිදු නො කිරීමටත් වගබලා ගතයුතු බවත්, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.