Latest News

කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා රෝහලට පැමිණෙන දරුවන්ගේ සැලකිය යුතු අඩුවක්

කොවිඩ් 19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර සඳහා දෛනිකව රෝහල් ගත කරන කුඩා දරුවන් ප්‍රමාණය සැළකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.

පසුගිය සති දෙකක පමණ කාලයට සාපේක්ෂව දෛනිකව සිය රෝහලට ඇතුලත් කරන කොවිඩ් 19 වෛරසය ආසාදිත කුඩා දරුවන් ප්‍රමාණය දස දෙනෙකු පමණ දක්වා අඩුව ඇත.

මෙම තත්ත්වය තවදුරටත් යහපත් අතට පත්කර ගැනීම සඳහා වැඩිහිටියන් කුඩා දරුවන් පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පෙන්වා දෙනවා.

කොවිඩ් 19 ආසාදිතව සිට සුවය ලබන දරුවන්ට ඉන් පසුව වැළදිය හැකි රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් ද වැඩිහිටියන් අවධානයෙන් කටයුතු කළ යුතු බව මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.