Latest News

ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක්

ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හමුවී ඇති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

මේ වනවිට මෙරටින් හමුවී ඇත්තේ B.1.617.2.28 වන අතර නව අනු ප්‍රභේදය B.1.617.2.104 ලෙස හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙරටදී හමුවී ඇති ඩෙල්ටා ප්‍රභේදයේ අනු ප්‍රභේද දෙකක් මෙරටින් හඳුනාගෙන ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.