රැඳවුම් ළමා නිවාසයක දැරියන් 36ට කොවිඩ්
කුලියාපිටිය අධිකරණය මඟින් පාලනය වන රැඳවුම් ළමා නිවාසයක දැරියන් 36 දෙනෙක් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් අද (23) එම පරිශ්‍රයට ගොස් රෝග ලක්ෂණ සහිත දරුවන් පරික්ෂා කරනු ලැබුවා.
එහිදී දැරියන් 46ක් වෙනුවෙන් සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේ දී අදාළ දැරියන් ආසාදිත බවට හඳුනාගෙන ඇත.
උණ රෝගය වැලඳී තිබු දැරියන් 7 දෙනෙකු කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල පරිශ්‍රයේ පැවති පරීක්ෂාවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සියලුම දැරියන් ඊයේ (22) දිනයේදී අසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.
එමෙන්ම සෙසු දැරියන් හා පරිවාස නිලධාරීන් මෙන්ම නිවාස මාතාවන් ද පීසීආර් පරීක්ෂාවකට ලක්කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
කොවිඩ් 19 වෛරසය ළමා නිවාසයට පැමිණියේ කෙසේ දැයි සොයා බැලීමට මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.