Latest News

කොවිඩ් ආසාදිතව ගැබිණි මව්වරු 40ක් මරුට

කොවිඩ් 19 වෛරසය ආසාදිතවීමෙන් මේ වන විට ගැබිනි මවුවරුන් 40 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය සඳහන් කළේ,පසුගිය වසරේ සිට මේ දක්වා ගර්භණී කාන්තාවන් 5,500 කට පමණ කොවිඩ් ආසාදනය වී ඇති බවයි.

මියගිය ගර්භණී කාන්තාවන් අතරින් වැඩි පිරිසකට වෙනත් සංකූලතා සහ වෙනත් නිධන්ගත ආබාධ තිබූ අතර ගර්භණි කාන්තාවන්ට කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂාවීමට ඇති හොඳම විසඳුම එන්නත්කරණය බව ද වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය සඳහන් කළා.