Latest News

ප්‍රාථමික පාසලක ගුරුවරියන් තිදෙනෙකුට කොවිඩ්

කොටවෙහෙර ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක ගුරුවරියන් තිදෙනෙකුට 19 වෛරසය ආසාදනය වීමෙන්, එම පාසල නොපැවැත්වෙන බව සෞඛ්‍ය අංශ අද (12)
ප්‍රකාශ කළා.

කොවිඩ් 19 වෛරසය ආසාදිත ගුරුවරියන්, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හා අදාළ පංති තුනෙහි දරුවන් සියලු දෙනාද මේ වන විට නිවෙස් නිරෝධායනයට ලක් කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ විසින් ඔවුන් ඇන්ටිජන් පරීක්ෂණයන්ට ලක් කිරීමට නියමිතයි.

මෙම තත්ත්වය හේතුවෙන් සෙසු පංති දෙකෙහි දරුවන් දෙමාපියන් විසින් පාසලට නොඑවීම මගින් පාසල නොපැවැත්වෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.