Latest News

කොවිඩ් වලට එරෙහිවන මානසික රෝග බෙහෙත

මානසික රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන ෆ්ලුවොක්සමයින් Fluoxetine ඖෂධය මගින් කොවිඩ් 19 වෛරසයෙන් සිදුවන මරණ අවදානම සහ දැඩි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ අවශ්‍යතාව අවම කෙරෙන බව සොයාගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ සෛල ජීවවිද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

‘The lancet’ සඟරාව විසින් ප්‍රකාශයට පත්කර ඇති අධ්‍යනයක් උපුටා දක්වමින් ආචාර්ය ජීවන්දර මෙම තොරතුරු අනාවරණය කරයි.

මෙහිදී අධ්‍යනයට සහභාගි වූ පිරිස අතුරින් කොවිඩ් 19 මරණ අනුපාතය 90%කින් සහ දැඩි වෛද්‍ය ප්‍රතිකාර ලබාදී‍ම් අවශ්‍යතාව 65%කින් පහත වැටී තිබෙනවා.

ෆ්ලුවොක්සමයින් යන ඖෂධය මානසික අවපීඩනය සහ තවත් උමතු තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා උපයෝගී කරගනු ලබන ඖෂධයක් වන අතර මිල අඩු සහ බහුලව ලබාගත හැකි ඖෂධයක් වේ.

මෙම අධ්‍යයනයට බ්‍රසීලයේ කොවිඩ් – 19 වැලඳුණු, දරුණු රෝගවලට ගොදුරුවීමේ වැඩි අවධානමක් සහිත පුද්ගලයන් 1497ක් යොදාගෙන ඇත.