Latest News

කොවිඩ් ආසාදිත මළ සිරුරක් දින 56ක් ජල ටැංකියේ

කොවිඩ් 19 වෛරස ආසාදිතව රෝහල්ගත කළ පුද්ගලයකුගේ මළ සිරුරක් ගම්පොළ රෝහලේ ප්‍රධාන ජල ටැංකියේ තිබී ගොඩ ගෙන තිබෙනවා.

ගම්පොළ රෝහල සුරැකීමේ සංවිධානය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මේ පිළිබඳව ලිඛිතව දන්වා ඇත්තේ,අදාළ මළ සිරුරක් රොහලේ ජල ටැංකිය තුළ දියවෙන්නට හැර එම ජලය රෝගීන්ට හා රෝහල් කාර්ය මණ්ඩලයට පරිභෝජනය කිරීමට සැලැස්වූ රෝහලේ පාලන අධිකාරියේ අකාර්යක්ෂම වගකීම් රහිත ක්‍රියාකලාපය ගැන විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ පොලිස් සැරයන්වරයෙක් වූ එස්.ඉලන්බෝවන් නැමැති අයෙක් වන අතර මෙම සැරයන්වරයාගේ පවුලේ සියලු දෙනාට කෝවිඩ් ආසාදිත වී බරපතල තත්ත්වයට පත් වීම නිසා රෝහල් ගත කර තිබුණා.

කෙසේවෙතත් පසුගිය සැප්තැම්බරි 8 වැනිදා දහවල් සිට මෙම සැරයන්වරයා අතුරුදන්ව තිබෙනවා.

රෝහල් ජලටැංකියක් අසලින් දුගදක් වහන වූ බැවින් පසුගිය 29 වැනිදා ඒ පිළිබඳ සොයා බැලීමේදී සැරයන් වරයාගේ මල සිරුර ජල ටැංකිය තුළ තිබී හමු වී ඇත.

ඒ වන විට සැරයන් අතුරදන්ව දින 56ක් ගත වී තිබුණා.

ඒ අනුව කොවිඩ් ආසාදිත මෙම මළ සිරුර දින 56ක කාලයක් ජල ටැංකිය තුළ තිබෙන්නට ඇතැයි සැක කරයි.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශ්‍රීයන්ත පීරිස්ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙමින් ඇත.