Latest News

කොවිඩ් ආසාදනය වීමෙන් වෛද්‍යවරියක් මියයයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් වෛද්‍යවරියක් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ කොවිඩ් නිව්මෝනියා රෝගි තත්වයේ සංකුලතා හේතුවෙන් බහුවිද අවයව අකර්මනය විමෙන් බව ඊයේ (23) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණයවී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි යට්ටොවිට ටරින්දි දිල්ෂිකා විතානගේ නැමති 31 හැවිරිදි වෛද්‍යවරියක්.

ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙම වෛද්‍යවරිය රෝහලේ සේවය කරමින් සිටියදි අගෝස්තු මස 23වෙනිදා ඇගපත වේදනාව නිසා කොළඹ නගරයේ පිහිටි පුද්ගලික රෝහලකින් පි.සි.ආර් පරික්ෂණයක් සිදුකරගෙන ඇත.

එම පරික්ෂණ ප්‍රථිපල අනුව මෙම වෛද්‍යවරියට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි තිබුණා.

පසුව ඇය ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක පිහිටි කොවිඩ් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රථිකාර ලබමින් සිට රෝගි තත්වය උත්සන්නවිම හේතුවෙන් පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටියා.

ඒ අනුව එම වෛද්‍යවරිය පසුගිය 02 වැනිදින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇති එක්මෝ යන්ත්‍රයේ ආධාරයෙන් ප්‍රතිකාර ලබාදිම සදහා කරාපිටිය රෝහලට රැගෙන විත් ඇති අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඉකුත් 22 වැනි දින පස්වරුවේ දි මෙම වෛද්‍යවරිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.