Latest News

ගර්භණීවීම වසරකින් පමා කරන්න – වෛද්‍ය හර්ෂ අතපත්තු

කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් හැකිනම් ගර්භණීවීම වසරකින් පමා කරන්නැයි විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා ඉල්ලා සිටිනවා.

වසරක කාලයක් යනු වෛද්‍ය විද්‍යාවේ විශාල කාලයක් බැවින්, ඒ වන විට ඉතා හොඳ එන්නත් වර්ග පැමිණීමට හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා සඳහන් කළේ,

”ගර්භණී සමයේ කොවිඩ් හැදුනොත් අපි ගන්නේ අධි අවදානම් තත්ත්වයක් හැටියට. දරුවටත් අම්මටත් හානි වෙන්න පුළුවන්. ඔබ විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, පුළුවන් නම් නැවත වතාවක් කල්පනා කරලා බලන්න අවුරුද්දකින් පමා කරන්න. ඔබ කැමතිනම්” ලෙසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (08) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළා.