Latest News

60ට වැඩි අයට කුමන එන්නත ගත්තද තෙවන මාත්‍රාව ෆයිසර්

කොරෝනා මර්දන එන්නතේ තුන්වෙනි මාත්‍රාව වයස අවුරුදු 60ට වැඩි මෙරට පුද්ගලයින්ට ලබාදීම හෙට (17) සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්ක මෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වල අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදෙන බවයි.

දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කර ඇති අය එම මාත්‍රාව ලැබීමට සුදුසුකම් ලබන බව ඔහු සඳහන් කළා.

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පළමු සහ දෙවැනි මාත්‍රාව ලෙස කුමන එන්නත් වර්ගයක් ගත්තද තෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදෙන බවයි.