Latest News

සෞඛ්‍ය සේවකයින්ට කොවිඩ් තෙවන එන්නත ලබා දීමට තීරණය කෙරේ

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සඳහා කොවිඩ් එන්නත් තෙවන මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින් සංගමය අතර ඊයේ (19) පැවැති සාකච්ඡාවකදී එම එකඟතාවයට පැමිණ ඇති බව එම සංගමය සඳහන් කළා.

පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය සේවකයින් වෛරසයට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින බැවින් ඔවුන් සඳහා තෙවන එන්නත් මාත්‍රාවක් ලබාදීමට අවධානය යොමු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 05ක කාලයක් ගත වූ පසු තෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට එහිදී එකඟතාවට පැමිණි ඇති බව වාර්තා වේ.