Latest News

දැරියක් අකුණු සැර වැදීමෙන් මරුට

මහව, පන්වැව ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දැරියක් අකුණු සැර වැදීමෙන් ඊයේ (20) මියගොස් තිබෙනවා.

නිවස ඉදිරිපිට සිටි එම දැරියට අකුණු සැර වැදී බරපතළ තත්ත්වයෙන් නාගොල්ලාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

මහව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර දැරියගේ මෘත ශරීරය නාගොල්ලාගම රෝහලේ තැන්පත් කර තිබෙනවා.