Latest News

අඳුර පරදා ආලෝකය දිනු දීපාවලි දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් අද (04) දීපාවලි දිනය සමරනු ලබනවා.

නව සඳ උදාවීමට සමගාමීව යෙදෙනචන්ද්‍ර දින දර්ශනයට අනුව හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කෙරෙන්නේ දීපාවලි දිනයෙන්.

නව සඳ උදාවීමට සමගාමීව යෙදෙන දීපාවලි උත්සවය අයහපත පරදා යහපතත්, අඳුර පරදා අලෝකය උදාවීමත් සංඛේතවත් කෙරෙනවා.

චන්ද්‍ර දින දර්ශනයට අනුව හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කෙරෙන්නේ දීපාවලි දිනයෙන්.

විෂ්ණු දෙවියන් හින්දු බැතිමතුන් පීඩාවට පත්කළ නරකාසුරන් නැමැති අසුරයා පරාජයට පත්කිරීම දීපාවලි දිනයේදී සිදු වූ බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

දීපවාලි දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වාදෙන්නේ අවිද්‍යාවේ ඝණ අන්ධකාරයෙන් බැහැර වී සිත් පහන් කරවන ප්‍රඥා ලෝකය දැල්වීම දීපාවලි මංගල්‍යයෙන් සංඛේතවත් කරන බවයි.

දීපවාලී මංගල්‍යය සමග විශ්වයට ප්‍රවේශ වන පංචායතන ශක්තියෙන් ලෝකවාසී සියලුදෙනාට සතුට, සමෘද්ධිය, ධනය සහ දිව්‍යමය ශක්තිය ලැබේවායි යන්න ප්‍රාර්තනා කරන බව ජනාධිපතිවරයා සිය දීපවාලි දින පණිවිඩය මඟින් ප්‍රකාශ කර තිබෙනවා.

සියලු කරදර දුරු වී නිරෝගීව සතුටින් ජීවත්වීමට සියලුදෙනාට කාලය උදාවේවා යි දීපවාලී දින පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

“අඳුර නැති කිරීමට ආලෝකය අවශ්‍යයි. ශ්‍රී ලාංකික ජනතාවගේ සියලු කරදර දුරුවී නිරෝගිව සතුටින් ජීවත්වීමට කාලය උදාවේවා. දීපාවලි උත්සව දිනයේ දී මේ ප්‍රාර්ථනය ද සමඟින් ආදරය පිරුණු සිතින් පහන් දල්වමු.”

මේ අතර දීපාවලි දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පෙන්වාදෙන්නේ වර්තමානයේ ලොව පුරා ව්‍යාප්ත කොරෝනා ‍උවදුර නමැති නපුර පරාජය කිරීම උදෙසා මේ උතුම් දිනයේ ප්‍රාර්තනා කළ යුතු බවයි.

සංහිඳියාවේ අපේක්ෂාව පෙරදැරිව වාර්ගික සංහිඳියාවත් අනෝන්‍ය අවබෝධයක් ඇති කිරීමෙහිලා මේ අපූරූ උත්සවය ඉමහත් පිටිවහලක් වන බව ද විපක්ෂ නායකවරයා සිය දීපාවලි පණිවිඩය මඟින් ප්‍රකාශ කර ඇත.