Latest News

ශ්‍රී ලංකාවෙන් ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් හඳුනා ගැනේ

අද (17) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් හඳුනාගෙන ඇති බවයි.

SA 222V, SA 701S සහ SA1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බවත් මීට පෙර පැවති ප්‍රභේදයන්ට වඩා ඩෙල්ටා ප්‍රභේදය සියයට 60-70 ත් අතර වේගයකින් පැතිර යන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.