Latest News

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක පුරුදු ප්‍රවර්ධනය කිරීමට ඩෙටෝල් පුරෝගාමී වෙයි

ශතවර්ෂයකට ආසන්න කාලයක් තිස්සේ මිනිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ‌පෙනී සිටින විශ්වාසදායක ගෝලීය සන්නාමයක් වන ඩෙටෝල්, නව ව්‍යාපෘති ගණනාවක් හරහා ශ්‍රී ලංකාව තුළ යහපත් සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින බව මැයි 5 වන දිනය යෙදෙන ලෝක දෑත් සනීපාරක්ෂක දිනය නිමිති කරගනිමින් නිවේදනය කළේය.

සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කිරීම සඳහා ඩෙටෝල් හි කැපවීම මත පදනම්ව ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර නිසි පෞද්ගලික සහ නිවාස ආශ්‍රිත සනීපාරක්ෂක පුරුදු ප්‍රවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම මෙම නව වැඩසටහනේ අරමුණයි.

දරු ප්‍රසූතියෙන් පසු සෙම් රෝග වැලැක්වීම සඳහා ඵලදායී විසඳුමක් අවශ්‍ය වූ වෛද්‍යවරුන් සඳහා ඩෙටෝල් 1933 දී නිපදවන ලද අතර එතැන් පටන් ලොව පුරා ජනප්‍රිය වෙළෙඳ නාමයක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව තුළ, පුද්ගලික සනීපාරක්ෂාව සහ නිවාස ආශ්‍රිත රැකවරණය හරහා විවිධාංගීකරණය වූ නිෂ්පාදන පරාසයක් පිරිනමමින් ඩෙටෝල් 1962 සිට විශ්වාසය, කාර්යක්ෂමතාව සහ අධ්‍යාපනය මත පදනම්ව ශ්‍රී ලංකාවේ සිය කීර්ති නාමය පතුරුවයි.

ඩෙටෝල් විසින් ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව නව මව්වරුන් සඳහා විශේෂ දැනුවත් කිරීම් සහ අධ්‍යාපන වැඩසටහන්, පාසල් අත් සේදීමේ වැඩසටහන් සහ COVID-19 සහන ප්‍රයත්නයන් ඇතුළු බොහෝ සෞඛ්‍ය ප්‍රවේශයන් රැසක් අඛණ්ඩව සිදු කර ඇත. ඩෙටෝල් සන්නාමය මහජනතාවගේ සනීපාරක්ෂක යටිතල පහසුකම් සම්පාදනය සඳහා දායකත්වය දක්වන අතර, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සමඟ හවුල් වී පොදු ස්ථාන විෂබීජහරණය කිරීම සහතික කිරීම සඳහා කටයුතු කර ඇති අතරම COVID වෛරසය පැතිරීම තුරන් කිරීම සඳහා නිසි දෑත් සනීපාරක්ෂාව පිළිබඳ සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමද සිදු කර ඇත.

ඩෙටෝල් විසින් ශ්‍රී ලාංකික ප්‍රජාව අතර යහපත් සනීපාරක්ෂක පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරකම් මාලාවක් මේ වසරේ දියත් කර ඇති අතර ඉදිරියේදීත් පවත්වාගෙන යනු ඇතග මාතෘ සායන, පාසල් සක්‍රීය කිරීම් සහ ආපදා කළමනාකරණ ක්‍රියාකාරකම් වැනි භූමියේ ක්‍රියාකාරීත්වය කෙරෙහි අවධානය යොමු කෙරෙන අතර රූපවාහිනී සාකච්ඡා මාලාවන් හරහා පොදු මහජනතාව දැනුවත් කිරීමද මෙම ක්‍රියාවලියට ඇතුලත් වේ.

මෙම නව ව්‍යාපාරය පිළිබඳව අදහස් දක්වමින් රෙකිට් ශ්‍රී ලංකා ආයතනයේ අලෙවි ප්‍රධානී ශාමින්ද පෙරේරා මහතා පැවසුවේ, “ප්‍රජාව අතර නිසි සනීපාරක්ෂාව පුරුදු ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිටින සියලුම සෞඛ්‍ය සේවකයින්ට ඔවුන් දක්වන දැවැන්ත දායකත්වයට අපි ස්තූතිවන්ත වෙනවා. ඩෙටෝල් යනු සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කිරීමට කැපවී සිටින වගකිවයුතු සන්නාමයක්. මෙය එම ඉලක්කය සපුරා ගැනීමේ තවත් එක් පියවරක්.”

මීට අමතරව, ඩෙටෝල්, ශ්‍රී ලංකාව තුළ නිසි ලෙස අත් සේදීමේ පුරුදු ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණින් තවත් නව වැඩසටහනක් දියත් කරනු ඇත. මෙම ක්‍රියාකාරකම ර්‍ණශ්‍රී ලංකාවේ අත්වහ දුරලමු” යන පාඨය යටතේ මෙරට සංසකෘතික ව්‍යුහය තුළ ව්‍යවහාර වන සංකල්පයක් මත ගොඩනැගුණු නව අදහස් තුළින් දෑත් සේදීමේ හොඳ පුරුදු නැවතත් ජනතාවගේ ජීවිතයට එක් කිරීම මෙහි මූලික අරමුණයි.

මේ පිළිබඳව අදහස් දක්වන ඩෙටෝල් සන්නාම කළමණාකාරිනී ලිලානි රාජපක්ස“ශ්‍රී ලංකාව තුළ නිසි අත් සනීපාරක්ෂාව පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සඳහා ඩෙටෝල් ක්‍රියාශීලී ප්‍රවේශයක් ගැනීම ගැන අපි සතුටට පත්වෙනවා. මෙය ප්‍රජාවගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට ධනාත්මක බලපෑමක් ඇති කරන විශිෂ්ට මුලපිරීමක්.” යනුවෙන් පැවසුවේය.

ඩෙටෝල් ශ්‍රී ලංකාව තුළ යහපත් සනීපාරක්ෂක පුරුදු ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින අතර, දැනුවත් කිරීමේ වැඩසටහන් සහ නව අත් සේදීමේ ව්‍යාපාරය දියත් කිරීම මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා වැදගත් පියවරකි. මෙවැනි වැඩසටහන් හරහා අපට සෞඛ්‍ය සම්පන්න සහ යහපත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ හැකිය.

වසර 60 කට වැඩි කාලයක් Reckitt, පාරිභෝගික සෞඛ්‍ය සේවා අංශයේ සහ නිවෙස් වෙනුවෙන් විසඳුම් මාලාවක් වෙළඳපොළට ඉදිරිපත් කරමින්ල රට පුරා සිටින ජනතාවගේ සනීපාරක්ෂාවල සෞඛ්‍ය සහ පෝෂණය ඉහළ නංවමින් සියලූම ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවිතවල අනිවාර්ය අංගයක් වී ඇත.

SLIM Effie Awards 2021 සහ SLIM Digis 2.1 හිදී Reckitt කණ්ඩායම Dettol සන්නාමය අලෙවිකරණ සහෝදරත්වය විසින් පිළිගෙන ඇති අතර 2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළලෙහි දී Dettol වසරේ නිෂ්පාදන සන්නාමය සඳහා රන් සම්මානයක් සහ වසරේ ගෝලීය සන්නාමය සඳහා ලෝකඩ සම්මානයක් දිනා ගත්තේයග Reckitt විසින් පසුගිය වසර දෙක තුළ එහි පාරිභෝගිකයන් සමඟ ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට සහ ඔවුන්ගේ ජීවිතවල වෙනසක් ඇති කිරීමට සිදු කරන ලද කාර්ය භාරය ඇගයීමට ලක් විය. LMD සඟරාව විසින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන සන්නාමය ලෙස Dettol ශ්‍රේණිගත කර ඇත.