Latest News

අභියෝග මැද ජීවිතය දිනන දිරිය දියණියක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලින් විශිෂ්ට දක්ෂතා පෙන් වූ දැරියක් පිළිබඳව දික්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

දික්වැල්ල රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලබන ඇය සුෂුම්නාව ආශ්‍රිත ආබාධ තත්ත්වයකින් පීඩා විදින දියණියක්.

ගතින් වාරු නැතත් සිතේ ශක්තියෙන් හා නොපසුබට ආත්ම විශ්වාසයෙන් බොහෝ අභියෝග මැද මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විෂයයන්වලට ඇය ඒ සාමාර්ථ ලබා ගැනීමට සමත් වූවා.

මෙම විශිෂ්ඨ දක්ෂතාවය දක්වා ඇත්තේ රත්මලේ කුරුදුගහ හේනේ පදිංචි දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ නමැති දියණියයි.

වයස අවුරුදු 16 ක් වු මෙම දැරියගේ ඉගටියෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම අප්‍රාණික වී ඇත.

දෑත් ද සම්පූර්ණයෙන් ක්‍රියාශීලී නොමැති අතර ඇයට සාමාන්‍ය දරුවකු තරමට නොහැකි වුවත් සෙමෙන් අකුරු ලිවීමේ හැකියාවක් පවතී.

දෙව්මි ගේ මව වන කුසුමිණි අබේගුණවර්ධන (45) මහත්මිය සිංහල විෂය උගන්වන ගුරුවරියක වන අතර ඇයගේ පියා වන මහින්ද කුලතුංග රාජපක්ෂ (49) මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතර අඩවි වන නිලධාරී කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරියෙක්.