Latest News

19 පහළ ක්‍රිකට් ලෝක කණ්ඩායමට දෙව්මි විහංගා එක්වෙයි

ජගත් ක්‍රිකට් කවුන්සලය නම් කළ වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20 ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා දෙව්මි විහංගා නම් කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ දී නිමා වූ යොවුන් කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දී දැක් වූ දස්කම් පාදක කර ගනිමින් මෙම නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් සමන්විත මෙම පන්දුවාර 20 ලෝක කණ්ඩායමට මෙවර යොවුන් ශූරියන් වූ ඉන්දීය කණ්ඩායමෙන් ක්‍රීඩිකාවන් තිදෙනෙක් හා අනුශූරතාවය දිනා ගත් එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙක් ද ඇතුලත් කර තිබෙනවා.

මිට අමතරව නවසීලන්තය, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථාන කණ්ඩායමෙන් එක් ක්‍රීඩිකාව බැඟින් ද ලෝක කණ්ඩායමට ඇතුලත් කර තිබෙනවා.