Latest News

උතුරේ ආණ්ඩුකාරවරිය මැතිවරණ කොමිසමට

මැතිවරණ කොමිෂන් සභාවට උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාරවරිය වූ පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ නමත්,රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සුන්දරම් අරුමේනායගම් මහතාගේ නමත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නම් කර තිබෙනවා.

ඒ කොමිෂන් සභා දෙකක පුරප්පාඩු වූ සාමාජිකයින් සඳහා නව සාමාජිකයින් පත්කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමි වීමත් සමගයි.

එහිදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සහ මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත්කිරීම සඳහා අනුමැතිය හිමිව ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ, පසුගියදා රැස් වූ පාර්ලිමේන්තු සභාව එම නම් දෙක සඳහා අනුමැතිය ලබාදුන් බවයි.

වී.සිවඥානසෝති මහතාගේ අභාවය හේතුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක පුරප්පාඩුවක් පැවති අතර ජීවත් ත්‍යාගරාජා මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් එය පුරප්පාඩුව පැවතුණා.