Latest News

විදුලි බිල සියයට 75කින් වැඩි වෙයි

හෙට සිට බලපැවැත්වෙන පරිදි සියයට 75ක සාමාන්‍ය අගයකින් විදුලි බිල වැඩි කිරීමට විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව ඒකක 30 දක්වා භාවිතා කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සඳහා රුපියල් 198ක මුදලක් මෙම වැඩි කිරීම හා විදුලි බිලට අමතරව එක්වෙනවා.

ඒකක 60ක් දක්වා භාවිතා කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සඳහා සියයට 200ක පමණ වැඩිවීමක් සිදුවනවා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කලේ, එම ප්‍රමාණය රුපියල් 600ට වඩා අඩු අගයක් ගන්නා බවයි.

මේ අතර ඒකක 90ට වැඩි යට සියයට 276ක වැඩි වීමක් විදුලි බල මණ්ඩලය විසින් ඉල්ලා තිබුණා.

කෙසේවෙතත් ඒ සඳහා අවසර ලබා දී ඇත්තේ, 125ක පමණ සුළු ප්‍රමාණයක් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.