Latest News

ඇල්ලවල දිය නෑමට ගොස් මියගිය දෙදෙනෙකුට කොවිඩ්

වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නාමට ගිය එකම පවුලේ පියා හා දරු දෙදෙනා දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ,කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට විනෝද චාරිකාව පැමිණි 35 හැවිරිදි පියා 15 හැවිරිදි පුතා සහ 9 හැවිරිදි දියණියයි.

ඒ අවස්ථාවේ අසල සිටි පිරිස විසින් තිදෙනාම ගොඩගෙන ඇති අතර ඒ වන විටත් ඔවුන් මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළා.

මේ අතර මියගිය එකම පවුලේ තිදෙනාගෙන් දෙදෙනෙකුට කොව්ඩ් වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පැවසුවා.

ඒ අනුව එම පියාට හා පුතුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බව සෞඛ්‍ය අංශ සිදුකළ රැපිඩ් ඇන්ටජන් පරික්ෂණවලදි තහවුරුවී තිබුණා.

කොව්ඩ් ආසාදන වි ඇති බවට හදුනාගත් මෙම මරණ දෙක කොවිඩ් විධිවිධාන යටතේ සිදුකිරීමට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබෙනවා.