Latest News

කල් දැමු විභාග ලබන වසරේ පැවැත්වෙයි

2021 වර්ෂය සඳහා නියමිත විභාගයන් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ සංශෝධිත කාලසටහන් සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මෙම වසරේ කල් දැමුණු විභාග 2022 වසරේ පැවැත්වීමට නියමිතයි.

5 වසර ශිෂ්‍යත්ව විභාගය 2022 වසරේ ජනවාරි මස 22 වෙනිදා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය පෙබරවාරි 07 වෙනිදා සිට මාර්තු මස 05 වෙනිදා දක්වා පැවැත්වේ.

සාමාන්‍ය පෙළ විභාගය 2022 වර්ෂයේ මැයි මස 23 වෙනිදා සිට ජුනි මස 01 වෙනිදා දක්වා පැවැත්වීමට දින නියම කර ඇත.