Latest News

විදෙස් රටවල් කිහිපයක ශ්‍රී ලංකා තානාපති කාර්යාල වසා දැමෙයි

විදෙස් රටවල කිහිපයක ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වසා දමන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ කැබිනට් මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයකට අනුවයි.

ඒ අනුව නොර්වේ, ඔස්ලෝ නුවර හා ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල වසා දැමෙනවා.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පිහිටුවා ඇති කොන්සල් ජනරාල් කාර්යාලය ද මෙලෙස වසා දැමීමට කටයුතු කර තිබෙනවා.