Latest News

දැඩි ඇප කොන්දේසි මත සහරාන්ගේ බිරිඳට ඇප

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 4ක් රඳවාගෙන සිටි සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

කල්මුණේ මහාධිකරණය හමුවේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙනවා.

සැකකාර කාන්තාව රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙස අධිකරණය එහිදී වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

එසේම අධිකරණය විසින් ඇපකරුවන්ට සහ සහරාන් හෂීම්ගේ බිරිඳට ද විදේශගතවීම තහනම් කර තිබෙනවා.