Latest News

පළමු අදියර යටතේ ඇරඹෙන පාසල් 3000

කොවිඩ් 19 වෛරස තෙවැනි රැල්ලෙන් පසු අදියර 4ක් යටතේ පාසල් ආරම්භ කිරීමට නියමිත අතර එහි ,පළමු අදියර යටතේ පාසල් 3,000 ක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ ඊයේ (03) සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

මෙහිදී සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි, සිසුන් 100ට අඩු පාසල්වල සියළුම ශ්‍රේණි හා තවත් තෝරා ගත් නිර්ණායක කිහිපයක් යටතේ පාසල් පළමු අදියර යටතේ විවෘත කිරීමට නියමිතයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පාසල් දීර්ඝ කාලයක සිට වසා දමා ඇති අතර, කාලයක් භාවිතයට නොගැනීම හේතුවෙන් පාසල් පරිශ්‍ර, පන්ති කාමර, ඩෙස් පුටු උපකරණ අපවිත්‍ර වී තිබෙනවා.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ,පාසල් පද්ධතිය පිරිසිදුකිරීම් සහ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් පළාත් ආණ්ඩුකාරවරුන් මැදිහත්වී ක්‍රියාත්මක කරන බවයි.