Latest News

ඉන්දියාවෙන් ප්‍රථම වතාවට සංක්‍රාන්ති ලිංගික නීතිඥවරියක්

ඉන්දියාවේ, කේරළ ප්‍රාන්තයෙන් ප්‍රථම වතාවට සංක්‍රාන්ති ලිංගික නීතිඥවරියක් බිහි වී තිබෙනවා.

පද්මා ලක්ෂ්මි වන ඇය පසුගිය මාර්තු 19 වනදා සිය නීති උපාධිය හිමිකර ගත්තා.

භෞතික විද්‍යා උපාධිධාරිනියක්, රක්‍ෂණ නියෝජිතවරියක් සහ නීති ශිෂ්‍යාවක් සහ අවසාන වශයෙන් පූර්ණ නීතිඥවරියක් වන ඇය දුප්පතුන්ට යුක්තිය සහතික කිරීම සඳහා සිය නීතිමය ඥානය භාවිතා කිරීමට අරමුණු කර ගෙන ඇති බව වාර්තා වනවා.

ඇය සිය අධ්‍යාපන වියදම් පියවා ගැනීමට කටයුතු කර ඇත්තේ, පෞද්ගලික රක්ෂණ සමාගමක රක්‍ෂණ නියෝජිතවරියක් ලෙස කටයුතු කරමින්.

කෙසේවෙතත් ඇය පවසන්නේ, ඇගේ පොත් සහ ඇගේ දැනුම අවශ්‍ය ඕනෑම කෙනෙකු හා බෙදා ගැනීමට කැමැත්තෙන් සිටින බවයි.

ජ්‍යේෂ්ඨ අධිනීතිඥ කේ වී භද්‍රකුමාරි සමඟ අභ්‍යාසලාභිනියක ලෙස සම්බන්ධ වීමෙන් පසු ඇය රක්ෂණ නියෝජිතවරියක ලෙස කටයුතු කිරීම සෙමෙන් නැවැත්වූ අතර එමඟින් ඇයගේ නීති වෘත්තිය කෙරෙහි වඩා හොඳින් අවධානය යොමු කළ හැකි වූ බව ලක්ෂ්මි පවසා තිබෙනවා.

පසුගිය නොවැම්බරයේ සිට අධිනීතිඥ භද්‍රකුමාරි සමඟ සම්බන්ධ වී සිටි ලක්ෂ්මි පැවසුවේ කේරළ මහාධිකරණයේ නීති වෘත්තියේ ප්‍රධානීන් අතර ඇයට ඉඩක් නිර්මාණය කිරීමට ඇගේ ජ්‍යෙෂ්ඨයා උදව් කළ බවයි.

තවද පද්මා ලක්ෂ්මිගේ සාර්ථකත්වය ප්‍රාන්තයේ තවත් බොහෝ සංක්‍රාන්ති පුද්ගලයින්ට නීති වෘත්තියට පිවිසීමට පෙළඹවීමක් වනු ඇතැයි ඇය බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය පවසනවා.