Latest News

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන අවශ්‍යයි – ටානියා අබේසුන්දර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදලින් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන්ට සහන සැළසීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් මහ බැංකු අධිපතිවරයා සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් ඉදිරියේදී ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව මඟපෙන්වීමේ සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංසදයේ සභාපති ටානියා එස්.අබේසුන්දර මහත්මිය අද (24) සඳහන් කළා.

එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් රැකගැනීමට මහ බැංකු අධිපතිවරයා කටයුතු නොකළ හොත් අප්‍රේල් මාසයේ සමස්ත ආර්ථිකයම කඩා වැටෙන බවත් එම ව්‍යාපාර රැකගැනීමට නම් ආනයන සීමා ලිහිල් නොකළ යුතු බවත් ඇය සඳහන් කළා.

මෙහිදී වදිදුඅරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කලේ,

අර්ථිකය බලහත්කාරයෙන් සංකෝචනය කිරීම නිසා උද්ධමනය ඉහළ යෑමෙන් වර්තමාන කඩා වැටුණු ආර්ථික තත්වයට පත්ව ඇති බවත් මෙම තත්වය අඛණ්ඩව පැවතුණ හොත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වසා දැමීමට සිදුවන තිබෙන බවයි.

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 330 ඉතාමත් සුළු මුදලක් වන අතර ආණ්ඩුව අයි.එම්.එෆ්. කොන්දේසි කඩකළ හොත් සම්පූර්ණ ණය මුදල වන ඩොලර් බිලියන 2.9 ක ප්‍රමාණයේ ඉතිරිය නොලැබීමේ අවදානමක් ඇති බවත් ඇය සඳහන් කළා.