Latest News

වසර 25ක සිට උණවටුනේ ජනතාවට උපකාර කළ විදෙස් කාන්තාවකට අත්වූ ඉරණම

විදේශිය කාන්තාවක් පදිංචිව සිටින උණවටුනේ පිහිටි ඉඩමක ළිඳට අසල්වැසියෙකු විසින් අසූචි දැමිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

වසර විසි පහක කාලයක් තිස්සේ උණවටුනේ පදිංචිව පළාත් වාසින්ට උදව් කරමින් සිටින මෙම විදෙස් කාන්තාව බුද්ධාගම කෙරෙහි මහත් විශ්වාසයක් යුක්තව කටයුතු කරන්නියක්.

කෙසේවෙතත් මෙම කටයුතු ඉවසාගත නොහැකි අන්‍යාගමික පුද්ගලයෙකු තමාට විවිධ හිරිහැර කරන බවත් අවසාන වශයෙන් තමා ඝාතනය කිරිමේ අරමුණින් ජලය ලබා ගන්නා ළිඳට අසූච් දමා ඇති බව පවසමින් අදාළ කාන්තාව විසින් පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිලි කර තිබුණා.

ළිඳ අවට මිටර් 200ක් දුරින් කිසිදු වැසිකිළියක් නොමැති බවත් සැකකරුට හැර වෙනත් කිසිදු බාහිර පුද්ගලයෙකුට ළිඳ අසලට පැමිණිය නොහැකි බවත් ඇයගේ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වනවා.

මේ අතර එම ළිඳේ ජල සාම්පල් පරික්ෂා කරන ලද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මාතර පිහිටි දකුණු පළාත් රසායනාගාරයේ රසායනඥවරිය වාර්තාකර ඇත්තේ මිනිස් අසූචි හා සෘජුව සම්බන්ධ ඊ කෝලා (E Coli) බැක්ටිරීයාව ජලයේ මිශ්‍රවි ඇති බවයි.

පැමිණිලිකාර විදේශිය කාන්තාව පැමිණිල්ලේ පිටපත් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම විහාරාධිපතිවරුන්ටද, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාටද යවා ඇත.