Latest News

මුදල් ගෙවීම ප්‍රමාද වුවොත් ණයට ගත් කඩදාසිත් නැතිවෙයි – ගංගානි ලියනගේ

මැතිවරණ කටයුතු සහ අනිකුත් මුද්‍රණ කටයුතු සඳහා ණයට ලබාගත් කඩදාසි ඇතුළු උපකරණ වෙනුවෙන් මුදල් ගෙවීම තවදුරටත් ප්‍රමාද වුවහොත් එම කඩදාසි සහ උපකරණ ඔවුන් ආපසු රැගෙන යෑමට ඉඩ ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ප්‍රකාශ කරනවා.

මෙසේ ණයට ලබාගත් කඩදාසි සහ උපකරණ වෙනුවෙන් සැපයුම්කරුට මිලියන 400 ක පමණ මුදලක් ගෙවිය යුතු බව ද ඇය සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් ඇය සඳහන් කලේ, එම ණය මුදල් ලබා ගැනීම සඳහා සැපයුම්කරු නඩු මඟට නොයන නමුත් රජයේ මුද්‍රණාලය පිළිබඳ විශ්වාසයෙන් ණය මුදල් ඉල්ලා කරදර නොකළ ද ඇතැම් විට එම කඩදාසි සහ උපකරණ ආපසු රැගෙන යෑමට ඉඩ තිබෙන බවයි.