Latest News

තරුණියකගේ සිරුරක් හෝටලයක වැසිකිළි වලකින් හමුවෙයි

පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක වැසිකිළි වලක සඟවා තිබූ තරුණියකගේ සිරුරක් අද (29) සොයාගෙන තිබෙනවා.

එම තරුණිය 26 හැවිරිදි වියේ පසුවන බවයි පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වුණේ.

පින්වත්ත පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂණ වලදී එම තරුණියගේ සිරුර සොයාගෙන තිබෙනවා.

අදාළ තරුණිය මෙම සංචාරක හෝටලයට තවත් පුද්ගලයෙකු සමග කොළඹ සිට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එම හෝටලයේදී මෙම තරුණිය, තවත් පුද්ගලයින් තිදෙනෙකු සමීපව ඇසුරු කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.