Latest News

බාලවයස්කාර දැරියක් පැහැරගත් ඇයගේ පෙම්වතා අත්අඩංගුවට

ලුණුගල, උඩකිරුව ප්‍රදේශයේ දී බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි ඇයගේ පෙම්වතා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස පැහැරගෙන ගොස් තිබුනේ, ලුණුගල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියක්.

ඒ අනුව ඊයේ (11) පොලිසිය හා පොලිස් විශේෂ කාර්‍ය බලකාය ඒකාබද්ධව කළ මෙහෙයුමක් මගින් අදාළ දැරිය සොයා ගනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලුණුගල සහ බේරුවල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18 හා 53 යන වයසේ පසු වන පුද්ගලයන් දෙදෙනෙක් වනවා.

මොවුන් දෙදෙනා අදාළ දැරිය ව පැහැරගෙන ගොස් උඩකිරුව රක්ෂිත ප්‍රදේශයේ දින අටක් තිස්සේ සඟවාගෙන සිටිය දී යි පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අදාළ දැරිය අධිකරණ වෛද්‍ය පරික්ෂණ කටයුතු සදහා ලුණුගල⁣ රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ලුණුගල පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.