Latest News

අපිට වැරදුනේ දේශපාලනය නොදන්නා කෙනෙක් ජනාධිපති කරපු නිසා – පවිත්‍රා වන්නිආරච්චි

කිසිදා දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීම අපට වැරදුන තැන යැයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

පොදුජන පෙරමුණ බණ්ඩාරගම කාර්යාලය විවෘත කිරීමට එක්වූ අවස්ථාවේදී ඇය මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කලේ, “අපිට එක තැනක් වැරදුනා, මම ඒක එදත් කිව්වා අදත් කියනවා. ඒ වැරැද්දෙන් පස්සේ අපි පක්ෂය ඇතුළේ ස්වයං විවේචනයකට ගිහිල්ලා, ඒ වෙච්ච වැරැද්ද කවදාවත් කරන්නේ නෑ කියන තීන්දුවකට අපි ආවා. දේශපාලනය නොකරපු කෙනෙක් අපේ ජනාධිපති අපේක්ෂකයා කරන්නෙ නෑ කියන තීන්දුවකට අපි ආවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි සතුටු වෙනවා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරපු එක ගැන, පොලිම් ටික නැතිවෙලා, විදුලිය කපන්නේ නෑ බඩු මිල අඩු වෙනවා, අද රට යම් ස්ථාවර භාවයකට පැමිණ තිබෙනවා.” යනුවෙන්.