Latest News

“ගෝඨා ගෝ ගම” පුස්තකාලය පානදුරට

ගාලු මුවදොර අරගල භූමියේ ස්ථාපිත කර තිබූ “ගෝඨා ගෝ ගම” ජනතා පුස්තකාලය පානදුර පරණවත්ත බෝධිය විහාරස්ථානයට රැගෙන යාමට තීරණය කර තිබෙනවා.

එහි අරගලකරුවෙකු සඳහන් කලේ, අදාළ පුස්තකාලය “ගෝඨා ගෝ ගම” නමින්ම විහාරස්ථානයේ ස්ථාපිත කරන බවයි.

ගාලු මුවදොර අරගල භූමියේ සිටි විරෝධතාකරුවන් එම භූමියෙන් ඉවත් වන බව ඊයේ ප්‍රකාශ කළා.

ඒ අනුව අද අලුයම් කාලයේදී එහි තිබූ අට්ටාල ඉවත් කර ගන්නා ආකාරයක් දක්නට ලැබුණා.