Latest News

ශාන්තිකර්මයක් අතරතුර මිය ගිය තරුණිය

හෙට්ටිපොළ- මඩයින ප්‍රදේශයේ ශාන්තිකර්මයක් අතරතුර තරුණියක් මිය ගොස්ව තිබු අතර එම මරණය, ස්වාභාවික රෝගී තත්ත්වයක් උත්සන්න වීම හේතුවෙන් සිදු ව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ, කුලියාපිටිය මූලික රෝහලේ දී සිදු කළ මරණ පරීක්ෂණයේ වාර්තාවට අනුව යි.

ඒ අනුව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වුයේ, වෛරස උණ තත්ත්වයක් උත්සන්න වී මොළයේ ස්නායු ඉදිමීම සහ පෙනහලු අක්‍රීය වීම හේතුවෙන් අදාළ තරුණියගේ මරණය සිදු ව ඇති බවයි.

අදාළ තරුණියට දින කිහිපයක් පුරා පැවති හිසරදයක් සුව කිරීම සඳහා ඇගේ සැමියා, දෙමව්පියන් සහ ඥාතීන් විසින් හෙට්ටිපොළ – මඩයින ප්‍රදේශයේ දේවාලයකට රැගෙන ගොස් ශාන්තිකර්මයක් සිදු කර තිබුණා.

එහි දී කට්ටඩියා විසින් තරුණියව පුටුවක අසුන්ගන්වා ශාන්තිකර්මය සිදු කරමින් සිටිය දී හදිසියේ සිහිසුන් ව ඇද වැටුණු පසුව ඇය හෙට්ටිපොළ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කෙරුණා.

කෙසේ වෙතත් රෝහල වෙත රැගෙන එනවිටත් අදාළ තරුණිය මියගොස් තිබූ බව සඳහන්.