Latest News

කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒෂාන්ට වසර 4ක තරඟ තහනමක්

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒෂාන්ට වසර 4 ක පූර්ණ තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය සඳහන් කලේ, තහනම් උත්තේජක ශරීරගතව තිබීමේ චෝදනාවට වරදකරු කරමින් ඔහුට මෙම තහනම පැනවූ බවයි.

මෙම තරඟ තහනම පසුගිය වසරේ ඔක්තෝබර් මස 26 වනදා සිට 2025 වසරේ ඔක්තෝබර් මස 25 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.

මේ අතර අදාළ දඬුවමට එරෙහිව හිමාෂට දින 14 තුළ අභියාචනයක් ඉදිරිකිරීමේ අවස්ථාව තිබෙනවා.