Latest News

යාපනයේදී හිරුණිකා හා අරූන් අතර ගුටි බැට හුවමාරුවක්

යාපනය ප්‍රදේශයේ දී පැවති සමගි ජන බලවේගයේ විරෝධතාවයක් අතරතුර දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, අරූන් සිද්ධාර්ථන් එම ස්ථානයට පැමිණ අදහස් දැක්වීමට උත්සහ කිරීමත් සමගයි.

දෙව්න්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා පා ගමනින් ගමන් ගත් “මව්වරුන්ගේ අරගලය” නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සහභාගීත්වයෙන් පැවති එම විරෝධතාවය අතරතුර අදාළ ගුටි බැට හුවමාරුවක්ද සිදුව තිබෙනවා.

එම අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද අරූන් සිද්ධාර්ථන් ට ප්‍රහාර එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.