Latest News

ICC විස්සයි – 20 ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක්

මෙවර ICC විස්සයි – 20 ලෝක කුසලාන තරඟාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම අද (15) නම් කෙරුණා.

එහි නායකත්වය හිමිව ඇත්තේ පාකිස්ථාන පිලේ නායක බාබර් අසාම්ටයි.

ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු ද නම් කිරීම විශේෂත්වයක්.

එහිදී පිතිකරු ලැයිස්තුව අනුව අංක හතරට චරිත් අසලංක නම් කර ඇත්තේ, ඔහු තරගාවලියේදී ලකුණු 231ක්, 46.1ක සාමාන්‍යයක් සහිතව ලබාගැනීම හේතුවෙන්.

පිතිකරු ලැයිස්තුවේ අංක හත ලෙස වනිඳු හසරංග නම් කර ඇත්තේ තුන් ඉරියව්වෙන්ම ඔහු දැක්වූ දස්කම් හේතුවෙන්.

එහිදී විශේෂයෙන් සළකා බලා ඇත්තේ වනිඳු, තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස කඩුලු 16ක්, ලකුණු 9.75ක සාමාන්‍යයකට ලබාගැනීම නිසයි.

එම කණ්ඩායම මෙසේය.

ඩේවිඩ් වෝනර්
ජොශ් බට්ලර් (කඩුළු රකින්නා)
චරිත් අසලංක
ඒඩන් මාක්‍රම්
මොයින් අලී
වනිදු හසරංග
ඇඩම් සම්පා
ජොශ් හසල්වූඩ්
ට්‍රේන්ට් බෝල්ට්
ඇන්රිච් නොර්ට්ජේ
ෂහීන් අෆ්රිඩී

මෙම කණ්ඩායම සඳහා ඉන්දීය ක්‍රීඩකයන් කිසිවෙකුත් ඇතුළත් නොවීම විශේෂත්වයක්.