Latest News

චෙන්නායි බොක්සිං තරඟයකින් ශ්‍රී ලාංකික තරුණියකට රන් පදක්කමක්

International breve boxing council විසින් සංවිධානය කරන ලද බොක්සිං තරඟාවලියේ රන් පදක්කමක් දිනාගැනීමට යෝගරාසා නිදර්ශනා සමත්ව තිබෙනවා.

මෙම තරඟාවලිය පසුගිය 26 වනදා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වුණා.

යෝගරාසා නිදර්ශනා මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි තරුණියක් වනවා.

අදාළ තරඟාවලිය සඳහා බොක්සිං පුහුණුකරු නන්දකුමාර් මහතා යටතේ පුහුණුව හැදෑරු සතර දෙනෙකුගෙන් යුත් උතුරු පළාතේ කණ්ඩායමක් සහභාගිවී තිබෙනවා.

ඒ අනුව වවුනියාව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එස්.ශ්‍රීදරන් හා ටි. නාගරාජා යන ක්‍රීඩකයින්ද, මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඊ. ක්‍රිෂ්ණවේණි හා යෝගරාසා නිදර්ශනා යන ක්‍රීඩිකාවන් එම තරඟාවලියට සහභාගී වුණා.

මේ අතර රන් පදක්කම්ලාභී මෙම තරුණියගේ පියා මියගොස්ව ඇති බවත් ,අදාළ දැරිය මව සමග කෘෂිකාර්මික කටයුතු සිදුකරමින් ජීවිකාව ගෙන යන බවත් ප්‍රදේශවාසීන් සඳහන් කළා.