Latest News

ළදරු භාරගැනීමේ කවුන්ටර පිහිටුවීමට සැලසුම්

අනාරක්ෂිත ස්ථානවල දමා යන අලුත උපන් බිළිඳුන් භාර ගැනීම සඳහා ‘ළදරු භාරගැනීමේ කවුන්ටර’ පිහිටුවීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බව කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් පිළිබඳ අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළා.

අලුත උපන් බිළිඳුන් දමා යාම හා ඝාතන ඇතුළු සිද්ධීන් හමුවේ මෙම තීරණය ගත් බවයි ඇය සඳහන් කලේ.

මෙහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කලේ,

“මේ සිද්ධීන් කිසිවක් මුල්‍ය ප්‍රශ්න නිසා සිදු වූ ඒවා නොවේ. වින්දිතයන් බඩගිනි නිසා එහෙම කළා කියලා අපි කවදාවත් අහලා නැහැ. මේ සිදුවීම්වලින් බහුතරයක් සිදුවන්නේ අඹුසැමි පළිගැනීමක් ලෙසයි.”

මෙහිදී හදිසි ළමා අපචාර සිද්ධීන් රැසක් පැහැදිලි කරමින් අමාතවරිය සඳහන් කලේ, දශක ගණනාවකට පසු ශ්‍රී ලංකාවේ පවතින දරුණුතම මුදල් අර්බුදයට මෙම සිදුවීම් කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

මෑත වසරවල වාර්තා වූ ළමා අපයෝජන සිද්ධීන් පහත පරිදි වනවා.

ඒ අනුව 2020 වසර තුළ සිදුවීම් 8165ක් 2021 වසර තුළ සිදුවීම් 11,187ක් 2022 වසර තුළ සිදුවීම් 10,497ක් හා 2023 වසරේ මේ දක්වා සිදුවීම් ගණනාවක් වාර්තා වී තිබෙනවා.

වාර්ෂිකව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මසකට පැමිණිලි 8000ක් හෙවත් 500-600ක් පමණ ලැබෙන අතර බොහෝ පැමිණිලි ළමා හිංසනයන් සම්බන්ධයෙනුත් ඊට අමතරව ස්ත්‍රී දූෂණය පැමිණිලි වාර්තා වනවා.

මාර්තු 11 වන දින අවිවාහක යුවළක් දින 13 ක් වයසැති ළදරුවෙකු සීඝ්‍රගාමී දුම්රිය රථයක වැසිකිළියක දමා ගොස් තිබුණා.

හලාවත ප්‍රදේශයෙන් මවක් තම දියණිය ඉස්සන් ගොවිපලක ටැංකියකට තල්ලු කිරීමේ පුවතක් වාර්තා වුණා.

අදාළ සිදුවීම් වාර්තා වීම හේතුවෙන් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කලේ, තමන්ගේ දරුවන් බරක් යැයි හැඟෙන හෝ ඔවුන්ව ඇති දැඩි කිරීමට නොහැකි ඕනෑම දෙමව්පියෙකුට මෙම කවුන්ටරවලට දරුවන් භාර දිය හැකි බවයි.

ඒ අනුව පළාත් නවයේ රෝහල්වල ළමා භාර ගැනීමේ කවුන්ටර පිහිටුවීමට සැලසුම් කර ඇති අතර දෙමාපියන්ට තම දරුවන් නිර්නාමිකව භාර දීමට හැකියාව තිබෙනවා.