Latest News

අධ්‍යක්ෂ ජනරාල්කමින් ඉවත් වූ ඉෂිනි වික්‍රමසිංහ

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඇය එලෙස ඉල්ලා අස්වී ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

ඇය මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම්දී ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කළා.

ඉෂිනි වික්‍රමසිංහ එම තනතුරින් මීට පෙරද ඉල්ලා අස්වීමට උත්සාහ දරා තිබුණා.

මෙම ඉල්ලා අස්වීම සිදුවන්නේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ නඩු භාණ්ඩ ලෙස රඳවා සිටි හීලෑ අලි , ඇතුන් මුල් හිමිකරුවන්ට මුදාහරින ලෙස නියෝග කර ඇති පසුබිමකයි.

නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව කොටුව අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකින් අලි ඇතුන් 13 දෙනෙකු මුල් හිමිකරුවන්ට ලබාදීමට නියම කෙරුණා.

පරිසර ක්‍රියාකාරිකයෙකු වන ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය දෙපාර්තමේන්තුවේ ප්‍රගතිශීලී වෙනස්කම් කිහිපයක් හඳුන්වා දීමට මූලික වූ අයෙකි.