Latest News

අපේක්ෂා රෝහලේ සායනයට පැමිණි මවට සිදු වූ මාරක අනතුර

කහතුඩුව රිලාවල හන්දියේ දී අද (05) අලුයම මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

අපරික්ෂාකාරී ලෙස මාර්ගය හරහා දිව යන වයෝවෘද්ධ කාන්තාවක් නාරහෙන්පිට පෞද්ගලික රෝහලක සෞඛ්‍ය සේවකයන් රැගත් බස් රථයකට යටවීමෙන් මෙලෙස මියගොස්ව ඇති බව කහතුඩුව පොලිසිය සඳහන් කළා.

අනතුරින් මියගිය කාන්තාව මහරගම අපේක්ෂා රෝහලේ සායනයකට සහභාගිවීම සඳහා යමින් සිටියදී එම අනතුරට ලක්වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට රිලාවල පදිංචිව සිටි වයස අවුරුදු 62ක එක්දරු මවක්.

හොරණ දෙස සිට පැමිණි පෞද්ගලික බස් රථය රිලාවල හන්දියට පැමිණි අවස්ථාවේදී කාන්තාව මාර්ගය හරහා ගමන් කර ඇති අතර ඒ සමගම ඇය බස් රථයේ ඉදිරිපස ගැටී පිටුපස රෝදයට යටවී ඇත.

එම මාරක රියඅනතුර සිදුවෙන අයුරු CCTV කැමරාවක සටහන්වී තිබුණා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කළ බව කහතුඩුව පොලීසිය සඳහන් කළා.